කෑ/බෝයගම මහා විද්‍යාලය

අ.පො.ස. උසස් පෙළ ජයග්‍රහණ

අප පාසලේ සෞන්දර්ය අංශයෙන් විශිෂ්ට ජයක්

slide 1.png
slide 1.png

 

සැරදේ සැරදේ සැරදේවා.....
සිරි පැරකුම් මහ විදුහල් මාතා
පිබිදෙව් දරුවනි පිබිදෙව්
බෝයගම මහා විදු මාතා සැරදේ.....
 
වඩවා සමගිය පතුරා ජය හඬ
විදු ඥාණය අප සැමට බෙදා
ශක්තිය ඔබමය තේජස ඔබමය //
සම්පත ඔබමය අපගෙ සදා සැරදේ....
 
කඳුහෙල් අතරේ කෙත්වතු අතරේ
ඇළ දොළයෙන් එන නාදෙ අසා
පළතුරු රඹතුරු වල රස උරමින් //
කොවුලු කුරුළු නද එකට අසා සැරදේ....
 
බුදු ගුණ සුවඳින් ගණ්ඨා නාදෙන්
අපහැම හදවත් පුබුදු වෙලා
ශක්තිය ඔබමය තේජස ඔබමය //
සම්පත ඔබමය අපගෙ සදා සැරදේ....
 
විද්‍යා ශිල්ප කලා ශිල්පාදී
ඔබ දරු කැළ වෙත නිතර දෙවා
ධීර වීර බල ඥාණය වඩවා //
සිසු දරු පරපුර ලොවට වඩා සැරදේ //  සැරදේවා....
සිරි පැරකුම් මහ විදුහල් මාතා
පිබිදෙව් දරුවනි පිබිදෙව්
බෝයගම මහා විදු මාතා  සැරදේ....